අයිස් සහ හෙරොයින් මත්ද්‍රවය සන්තකයේ තබාගත් කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් වලස්මුල්ල, වරාපිටිය, සපුගහඇල්ල අසල පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියද ලද තොරතුරක් මත වලස්මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ බේරුවල, මිද්දෙණිය සහ කටුවන යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අතර සිටි කාන්තාව බේරුවල, මරක්කලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය කියා සිටියේ.
එසේම ඇය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක් සහ මිද්දෙණිය, මැල්ලකැටිගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
හොරවින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක් පමණ වූ අනෙක් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19යි මිලිග්‍රෑම් 250ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වලස්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.












