
අහුන්ගල්ල ගල්බොක්ක ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විසි හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, සැකකරු මෙම මත්ද්‍රව්‍ය තොගය නිවසක සිට යතුරුපැදියකින් ප්‍රවාහනය කිරීමට සූදානම්වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි. ඒ අනුව, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 204යි මිලි ග්‍රෑම් 660ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.














