එක්දින ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 133ක ජයක් වාර්තා කිරීමට ඊයේ සමත් වුණා.
ඒ අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු රැස් කළ ලකුණු සංඛ්‍යාව 325ක්.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න ලකුණු 103ක් සහ සදීර සමරවික්‍රම ලකුණ 82ක් රැස් කිරීමට සමත් වුණා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 31ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 192ක් පමණයි.
එහිදී වනිදු හසරංග ලකුණු 79ට කඩුළු 5ක් බිද හෙළිමට සමත් වුණා.
මෙම තරග ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 06 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබුණා.
මේ අතර ඊයේ පැවති සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය ජය ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ ඕමාන කණ්ඩායම ලකුණු 76න් පරජයට පත් කරමින්.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩාය නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 320ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 244ක් පමණයි.
උණුසුම් පුවත්
- වැඩිම වැස්ස උඩුදුම්බරට – නුවර මහාමායා බාලිකාව දින නියමයක් නොමැති වැසේ
- ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- සජබෙට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ අයවැය පරදී
- සීප්පුකුලම වන අලියාට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට
- ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ ලේකම් අතර මතභේද
- නුවරඑළිය නගරය ජලයෙන් යටවීමට හේතුව නගරාධිපති හෙළිකරයි
- මධ්‍යම පළාතේ පාසල් තාවකාලිකව වසා දැමේ
- ජලාශ කිහිපයක් උපරිම මට්ටමට ළංවෙයි













