ඇමරිකා එක්සත් ජනපදය සහ පාකිස්ථානය අතර නව ගනුදෙනුවකට එළඹී ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඇමරිකා එක්සත් ජනපදය සහ පාකිස්ථානය එක්ව එකගතාවය පල කර ඇති මෙම ගනුදෙනුව හරහා පකිස්ථානයේ විශාල තෙල් සංචිත සංවර්ධනය කිරීමට කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.
කෙසේවෙතත් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ, මෙම ගනුදෙනුව දෙරටටම ප්‍රයෝජනවත් වන බවයි
එය පකිස්ථානයේ බලශක්ති අංශයට නව ශක්තියක් ලබා දෙනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.