අමෙරිකාව සහ ඉරානය අතර එළැඹෙන සතිය තුළ සාකච්ඡා ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එම අවස්ථාවේදී න්‍යෂ්ටික ගිවිසුමකට එළැඹිය හැකි බවද ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසුවයි ඔහු මේ බව පවසා ඇත්තේ. කෙසේ වෙතත් පැය 48 කට පමණ පෙර, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා තිබුණේ ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ මිලිටරි ප්‍රහාරයට එක්වීමෙන් අමෙරිකාව රාජතාන්ත්‍රිකභාවය පාවා දී ඇති බවයි. එමෙන්ම වොෂින්ටනය සමඟ තවදුරටත් සංවාදයක් කළ නොහැකි බව එමගින් දනවන බවද ඉරාන උත්තරීතර නායකය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වුණා.
උණුසුම් පුවත්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
- මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
- කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














