දින ගණනාවක් පුරා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගංගා පිටාර ගැලීම මත උතුරු අමෙරිකාවේ දස දහස් ගණනක් ජනතාවට බ්‍රහස්පතින්දා වන විට තම නිවෙස්වලින් ඉවත් වන ලෙස නියෝග කර තිබෙනවා.
අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයට සහ කැනඩාවේ බි්‍රතාන්‍ය කොලොම්බියා ප්‍රදේශයට දැඩි කුණාටු බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජල මට්ටම තවමත් ඉහළ යමින් පවතින බැවින් ගංවතුර අවදානම ඉහළ මට්ටමක පවතින බවයි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ..
පැසිෆික් සාගරයෙන් පැමිණි වායුගෝලීය කැළඹීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශ සදහා අඟල් 10 කට වඩා වැඩි වර්ෂාවක් ලැබී තිබෙනවා.
ඒ අනුව සියැටල් සහ ටකෝමාවලට දකුණින් ජීවත්වන ජනතාවට ඉවත්ව යන ලෙසයි දැනුම් දී ඇත්තේ.
කැනේඩියානු නගරයක් වන ඇබට්ස්ෆෝර්ඩ්හි විශාල භූමිප්‍රදේශයක් ජලයෙන් යට වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උණුසුම් පුවත්
- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු














