දින ගණනාවක් පුරා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගංගා පිටාර ගැලීම මත උතුරු අමෙරිකාවේ දස දහස් ගණනක් ජනතාවට බ්‍රහස්පතින්දා වන විට තම නිවෙස්වලින් ඉවත් වන ලෙස නියෝග කර තිබෙනවා.
අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයට සහ කැනඩාවේ බි්‍රතාන්‍ය කොලොම්බියා ප්‍රදේශයට දැඩි කුණාටු බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජල මට්ටම තවමත් ඉහළ යමින් පවතින බැවින් ගංවතුර අවදානම ඉහළ මට්ටමක පවතින බවයි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ..
පැසිෆික් සාගරයෙන් පැමිණි වායුගෝලීය කැළඹීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශ සදහා අඟල් 10 කට වඩා වැඩි වර්ෂාවක් ලැබී තිබෙනවා.
ඒ අනුව සියැටල් සහ ටකෝමාවලට දකුණින් ජීවත්වන ජනතාවට ඉවත්ව යන ලෙසයි දැනුම් දී ඇත්තේ.
කැනේඩියානු නගරයක් වන ඇබට්ස්ෆෝර්ඩ්හි විශාල භූමිප්‍රදේශයක් ජලයෙන් යට වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උණුසුම් පුවත්
- රාජ්‍ය සේවයේ වැටුප් ඉහලට
- දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනය අදත්
- ඇඹිලිපිටියේ සහ මහනුවර පුද්ගල ඝාතන දෙකක්
- මධ්‍යම කඳුකරයට අධික සීතලත් සමග ඝණ මීදුම් තත්ත්වයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- දෙහිවල වෙඩි තැබීමකට සම්බන්ධ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට












