අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ, යේමනයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට අමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාර සැලසුම පිළිබඳ සඳහන් කර තිබූ පණිවුඩ හුවමාරු යෙදවුමට මාධ්‍යවේදියෙකු වැරදීමකින් එක්කිරීම ඊට හේතුව බවයි.
මයික් වෝල්ට්ස්, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලය තුළ ඔහුගේ ජේ්‍යෂ්ඨ නායකත්ව කණ්ඩායමට පත් කළ පළමු සාමාජිකයා වනවා.