රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පවත්වා තිබෙනවා.
ඒ, අද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි.
නව රජයේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගය හා එම උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී අවධානයට ලක්වූ අතර රාජ්‍ය සේවා කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමුව තිබෙනවා.
රජයේ ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගන්නා ආකාරය පිළිබඳවද මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරුන් සමග දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව ඇති අතර ජනතා සේවාවන් කාර්යක්ෂම කිරීමට සහ නාස්තිය හා දූෂණය පිටුදැකීමට ඩිජිටල්කරණය භාවිත කිරීම පිළිබඳ මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.