අම්බලන්ගොඩ, කුලීගොඩ ප්රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
වෙඩි ප්රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.
උස්මුදුල්ලාව, මාදම්පාගම ප්රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි ප්රහාරයෙන් මරණයට පත්ව ඇති බවද පොලිසිය පවසනවා.
සිය බිරිඳ සේවා ස්ථානයට ඇරලවා යළි නිවෙස වෙත පැමිණෙමින් සිටියදී මරණකරු වෙඩි ප්රහාරයට ලක්ව තිබෙනවා.
වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා හෝ රථයක් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.