අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජින, මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය ජාතික චිත්‍රපට සංස්ථාවේ සිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත රැගෙනවිත් තිබෙනවා.
ඇයගේ දේහය පිළිබද අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
අද උදෑසන 09 සිට පස්වරු 03 දක්වා අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා මහජනතාවට අවස්ථාව සලසා දී තිබෙනවා.
අනතුරුව පස්වරු 3.30 ට දේහය ආගමික වතාවත් සිදුකිරීම සඳහා නිදහස් චතුරස්‍රයේ ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන යාමට නියමිතයි.