ශ්‍රී ලංකාවෙන් සිංප්පුරුවට කුකුළු මස් අපනයනය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සිට සිංගප්පුරුව වෙත කුකුළු මස් නිෂ්පාදන අපනයනය කිරීම සම්බන්ධ සාකච්ඡාවක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දි පැවැත්වුණා.
ඒ එහි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ මුලිකත්වයෙන්.
අපනයන සංවර්ධන මණ්ඩලය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ සිංගප්පුරු ආහාර ඒජන්සියේ නියෝජිතයන් අතරයි එම සාකච්ඡාව පැවැත්වුණේ.
පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 5.4ක් වටිනා කුකුළු මස් නිෂ්පාදන අපනයනය කර තිබෙනවා.
එය ඊට පෙර වසර හා සසදන විට 34%ක වර්ධනයක්.
මාලදිවයින , කටාර් , වියට්නාමය , හොංකොං සහ ජපානය ඇතුලු රට වලට එම නිෂ්පාදන යවා තිබෙනවා.