අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍රදේශයේදීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මොහු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 26යි මිලිග්‍රෑම් 890ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.
සැකකරු සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මොහු අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු බවයි.
මෙම පුද්ගලයා මෝදර පොලිස් ස්ථානයට භාර දී ඇති අතර, මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට
- බන්ධනාගාර රැඳවියන්ගෙන් ආපදාවට පත්වූ ජනතාවට පරිත්‍යාගයක්













