අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍රදේශයේදීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මොහු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 26යි මිලිග්‍රෑම් 890ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.
සැකකරු සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මොහු අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු බවයි.
මෙම පුද්ගලයා මෝදර පොලිස් ස්ථානයට භාර දී ඇති අතර, මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
- බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
- IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
- නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
- සමාජ්ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි














