පාතාල ක්‍රියා මර්ධනය කිරීම සදහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
පොලිස්පතිවරයා මේ බව පැවසුවේ අද මහනුවරට පැමිණ මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්
මෙම අපරාධ මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ මහජනතාවගෙන්ද සහාය ලබා ගනිමින් කටයුතු කරන බවයි එහිදී පොලිස්පතිවරයා පැවසුවේ.
එමෙන්ම ඇතැම් පාතාල ක්‍රියාවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යම් යම් දේශපාලන මෙන්ම පොලීසියේ ඇතැම් නිලධාරීන්ගේද සහාය ලැබී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කලා.
තවද නීතිය ස්ථාපිත කිරීමේදි කිසිදු දේශපාලන බලපෑමක් ලැබී නැති බවත් , යම් කිසි අපරාධයක් සඟවා තැබීමට හෝ නොසළකා හැරීමට කිසිදු අවස්ථාවක තමාගෙන් නියෝග නොලැබෙන බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.