Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනුරාධපුර අලිමංකඩ පහක් මිනිසුන් අත්පත් කරගෙන

    අනුරාධපුර අලිමංකඩ පහක් මිනිසුන් අත්පත් කරගෙන

    2022-12-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනඅලි මිනිස් ගැටුම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ එම දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන අලිමංකඩ 05ම ආවරණය වන පරිදි විවිධ පුද්ගලයින් විසින් එම අලිමංකඩ සියල්ල අත්පත් කරගෙන සිටීම නිසා බවට කරුණු අනාවරණය වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

    කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනජීවී නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

    එම සාකච්ඡාවට සහභාගී වූ ගොවි නියෝජිතයින් තම වගාවන් වනඅලීන් විසින් විනාශ කිරීම පිළිබඳවත්, සතුන් විසින් හානි කිරීම නිසා වගා බිම්වලින් නිසි පරිදි ආදායමක් නොලැබෙන බවත් අමාත්‍යවරයාට පෙන්වා දී තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ මේ වනවිට ප්‍රධාන අලිමංකඩ 16ක් ඇති අතර, එම අලිමංකඩ සියල්ලම මිනිස් ක්‍රියාකාරකම් නිසා වනඅලීන්ට අහිමි වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ.

    එම නිසා දැනට අලි මිනිස් ගැටුම උග්‍රව පවතින අලිමංකඩ 03ක් ලබන වසරේදී එහි පදිංචි සියලුදෙනා ඉවත් කර, වනඅලීන්ට ගමන් කිරීමට පහසු වන පරිදි නැවත සකස් කරන බව අමාත්‍යවරයා පවසනවා.

    එමෙන්ම 2024 වනවිට ඉතිරි අලිමංකඩ 13ම නිදහස් කර ගැනීමටත්, ඒවා අත්පත් කරගෙන සිටින පුද්ගලයින් හට වන්දි මුදල් සහ පදිංචි වීමට සුදුසු වෙනත් විකල්ප ඉඩම් ලබාදීමටත් සැලසුම් කර ඇති බවද කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලිමංකඩ 05 ඇතුළු අලිමංකඩ 16ම නිදහස් කර ගැනීම මඟින් වනඅලි මිනිස් ගැටුම් 50%කින් අවම කර ගැනීමට හැකි වනු ඇති බවටයි අමාත්‍යවරයා පවසන්නේ.

    මෙම අලිමංකඩ සියල්ලම ආවරණය වන පරිදි වගාබිම්, ව්‍යාපාරික ස්ථාන, ගොඩනැඟිලි ඉදිකිරීම් හා සුළු කර්මාන්තශාලා වැනි නොයෙකුත් ඉදිකිරීම් සිදු කර තිබෙන නිසා වනඅලීන්ට නිදහසේ අලිමංකඩ හරහා ගමන් කිරීමට නොහැකි වී ඇති අතර, එවැනි අවස්ථාවලදී ඔවුන් මිනිසුන්ට හා දේපලවලට පහර දී විනාශ කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියා.

    ආශ්‍රීත පුවත්:  ආහාර සුරක්ෂිතතාවයට ඒකාබද්ධ වැඩපිළිවෙලක්
    Mahinda Amaraweera අනුරාධපුර දිස්ත්‍රික්කය අලිමංකඩ කෘෂිකර්ම අමාත්‍යංශය මහින්ද අමරවීර
    පෙර පුව​තකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්
    ඊළඟ පුව​ත ගාස්තු වැඩි නොකරොත් පැය 6 ක හෝ 8 ක විදුලි කප්පාදුවක්

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group