ලෝක රූ රැජින 2025 තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතයි.
ඒ ඉන්දියාවේ ්Hitex සම්මේලන මධ්‍යස්ථානයේදීයි.
ලෝක රූ රැජින 2025 කිරුළ තමන් සතු කර ගැනීමට ලොව පුරා රූප රාජනියන් 108 දෙනෙකු තරගයට පිවිසෙනවා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට මෙවර ඉදිරිපත්ව සිටින්නේ අනුදි ගුණසේකරයි.
ඇය මේ වන විට තරගාවලියේදී කැපී පෙනන දක්ෂතා දක්වා තිබෙනවා.
මිස් වර්ල්ඩ් තරගාවලියේදී පසුගිය මාසයේදී තරගකාරිනියන් විවිධ අභියෝගතා, දක්ෂතා පෙන්වීම සහ පෞරුෂත්වය පෙන්වීමේ වැඩසටහන්වලට සහභාගි වූවා.
තරගාවලියේ අර්ධ අවසන් තරගයට තරගකාරිනියන් 40 දෙනෙකු තෝරා ගන්නා අතර පෙර පැවැති වැඩසටහන්වලින් තෝරා ගන්නා ලද 16 දෙනෙකු මේ වනවිටත් එහි ස්ථානය හිමිකරගෙන තිබෙනවා.
එම 16 දෙනා පහත පරිදි වේ.
Americas & Caribbean
🇹🇹 Anna-Lise Nanton (Trinidad & Tobago) – Head to Head Challenge
🇲🇶 Aurélie Joachim (Martinique) – Top Model
🇵🇷 Valeria Pérez (Puerto Rico) – Beauty With a Purpose
🇩🇴 Mayra Delgado (Dominican Republic) – Multimedia Award
Africa
🇿🇲 Faith Bwalya (Zambia) – Head to Head Challenge
🇳🇦 Selma Kamanya (Namibia) – Top Model
🇺🇬 Natasha Nyonyozi (Uganda) – Beauty With a Purpose
🇨🇲 Princesse Issie (Cameroon) – Multimedia Award
Europe
🇪🇪 Eliise Randmaa (Estonia) – Sports Challenge
🏴 Millie-Mae Adams (Wales) – Head to Head and Beauty With a Purpose
🇮🇪 Jasmine Gerhardt (Ireland) – Top Model
🇲🇪 Andrea Nikolić (Montenegro) – Multimedia Award
Asia & Oceania
🇮🇩 Monica Kezia Sembiring (Indonesia) – Talent and Beauty With a Purpose
🇹🇷 Idil Bilgen (Türkiye) – Head to Head Challenge
🇮🇳 Nandini Gupta (India) – Top Model
🇹🇭 Opal Suchata (Thailand) – Multimedia Award
ඔවුන් අතරින් ජයග්‍රහණය කරනු ලබන තරුණිය මෙවර ලෝක රූ රැජින ලෙසින් කිරුළු පැළඳීමට නියමිතයි.
අනෙක් සුදුසුකම් ලබන අයවළුන් පළමු, දෙවන හා තෙවන අනුශූරයන් ලෙසින් නම් කෙරෙනවා.
ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන අනුදි තේරී පත්වී නොමැති වුවත් පළමු අද පැවැත්වෙන තරග වටයේදී දක්වන දක්ෂතා පදනම් කර ගනිමින් අර්ධ අවසන් වටයේ සුදුසුකම් ලැබීම තීරණය වන බවයි වාර්තා වන්නේ.
සුරූපි බොලිවුඩ් තාරකාවක් මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජින තරගයට සහභාගි වූ ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් සහ ජනප්‍රිය නළු ඉෂාන් කට්ටර් තරගාවලියේදී ඉදිරිපත් කිරීමක් කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.