72 වන ලෝක රූ රැජින උළෙලේදී අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා නියෝජනය කරන අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සුබ පැතුම් එක් කර තිබෙනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙලෙස සුබ පැතුම් එක් කර ඇති බවයි සදහන් වෙන්නේ.
ජාත්‍යන්තර වේදිකාවක අපේ රට සහ අපේ ජනතාව නියෝජනය කරමින් ඇය දැනටමත් තම රටට ආඩම්බරයක් ගෙන දී ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
අද දින ඇයගේ සාර්ථකත්වයට සුභ පැතුම් එක් කරන බවද ජනාධිපතිවරයා සිය X ගිණුමේ වැඩිදුරටත් සටහන් කර තිබෙනවා