නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළුවීමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකු එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එකම පවුලේ පුද්ගලයින් 05 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
බෝට්ටුවක් මාර්ගයෙන් ඉන්දියාවේ රාමේශ්වරම් මුහුදු තීරයට ළඟා වු එම පිරිස ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු ද වන බව වාර්තා වන්නේ.
ආර්ථික දුෂ්කරතා හේතුවෙන් තමන් මෙලෙස ඉන්දියාවට පළා ආ බව ඔවුන් විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන්.