මහව සහ යක්කල ප්‍රදේශවල සිදු වූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ මහව, පාදෙණිය – අනුරාධපුර මාර්ගයේ දළඳාගම හන්දියේදී අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් පැදිකරුවන් දෙදෙනා තුවාල ලබා මහව රෝහලට ඇතුළත් කිරීමේදී එක් පැදිකරුවෙක් මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
තුවාල ලැබූ අනෙක් පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා තිබෙනවා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 60ක් පමණ වන දළඳාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන්ට මෘතදේහය භාරදී ඇති අතර මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර මහනුවර – කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී ද යතුරු පැදියක් අනතුරකට ලක්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදියක් කන්ටේනර් රථයකට ඉස්සර කිරීමට යාමේදී යතුරු පැදිය කන්ටේනර් රථයේ ගැටී අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් මියගොස් ඇති බවද පොලිසිය කියා සිටියා.
යක්කල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක තරුණයෙක් අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් යක්කල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.