මරදානේ සිට නාවලපිටිය දක්වා අඹුසැමි යුවළක් ගමන්ගත් යතුරු පැදියක් අනතුර පත්වීමෙන් බිරිඳ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව යතුරු පැදිය ධාවනය කළ සැමියා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.
මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ මරදාන මොහිදින් බස්ජිත් ප්‍රදේශයේ පදිංචිව සිටි නෛයි ජනීරි ඉග්‍රාම නමැති 44 හැවිරිදි දෙදරු මවකි.
අඹුසැමි යුවළ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඥාතියෙකු බැලීමට යතුරු පැදියෙන් ගමන් කරමින් තිබෙනවා.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මිල්ලගහමුල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
ඒ කොළඹ සිට වටවල දක්වා ධාවනය වූ ලොරි රථයක් වංගු සහිත ප්‍රදේශයකදී අපරීක්ෂාකාරී ලෙස ඉස්සර කිරීමට යාමේදීයි.
යතුරු පැදිය ලොරි රථය ඉස්සර කර යාමට උත්සාහ කිරීමේදී යතුරු පැදිය ලිස්සා ගොස් බිම පෙරලී තිබෙනවා.
එහිදී යතුරු පැදියේ පසුපස ගමන්ගත් බිරිඳ ලොරි රථයේ පසුපස රෝදයට යටව එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අද(31) අලුයම 5.45ට පමණ මෙම අනතුරව සිදුව තිබෙනවා.
රියදුරුගේ අපරීක්‍ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුවී ඇති බවත් ලොරි රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
මියගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.