පවතින අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව දිස්ත්රික්කයේ ද පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
මෙලෙස ජලයෙන් යටවූ ප්රදේශ අතරට මහ කන්නයේ වගා කළ කුඹුරු ප්රදේශ ද වන බව සඳහන්.
වැසි හමුවේ පොළොන්නරුවේ ප්රධාන ජලාශ සියල්ලගේම ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.
පරාක්රම සමුද්රයද මේ වන විට අක්කර අඩි 92,000 කට වැඩි ජල මට්ටමක් පවතින බවයි එහි වාරිමාර්ග ඉංජිනේරු අංජන කුමාර මහතා ප්රකාශ කළේ.