ඉරානයට බලපා ඇති අධික උෂ්ණ කාලගුණය හේතුවෙන් පානීය ජලය අවම මට්ටමකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මේ දිනවල ඉරානයේ ඇතැම් ප්‍රදේශයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වසරේ අධිකම උෂ්ණත්වය වාර්තා වු සතිය මෙය බවද ඉරාන ජාතික කාලගුණ සේවය නිවේදනය කරනවා.
ටෙහෙරානයට ජලය සපයන ජලාශයන්හි ජල මට්ටම සියවසකට පමණ පසු අවම මට්ටමට පැමිණ ඇති බවයි ඉරාන මාධ්‍ය සඳහන් කරන්නේ.
එබැවින් ජලය අරපරිස්සමෙන් භාවිතා කරන ලෙස බලධාරින් ජනතාවට දැනුම් දි තිබෙනවා.