චීන අධිකරණයක් ජිමී ලායි වරදකරු ලෙස නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ විදේශ බලවේග සමග කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවටයි.
හොංකොංහි ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ජිමී ලායි චීන අධිකරණයක ජාතික ආරක්ෂක නඩු විභාගයකදී විදේශීය කුමන්ත්‍රණය සහ රාජද්‍රෝහී ප්‍රකාශනය යන චෝදනා දෙකට වරදකරු කර තිබෙනවා.
2019 වසරේ ප්‍රචණ්ඩකාරී විරෝධතාවලින් පසුව චීනය විසින් හොංකොං මත පනවන ලද ජාතික ආරක්ෂක නීතිය යටතේ 78 හැවිරිදි ජිමී ලායි අත්අඩංගුවට ගත් අතර නඩු පැවරුණා.
2020 වසරේ සිට ලායි සිරගතව සිටිනවා.
චීනයට එරෙහිව සම්බාධක පැනවීමට හෝ සතුරු ක්‍රියාකාරකම් සිදු කරන ලෙස පුවත්පත හරහා විදේශ රටවලින් ඉල්ලා සිටීමේ කුමන්ත්‍රණ දෙකක් පිටුපස ඔහු සිටින බවටයි චෝදනා එල්ල වුණේ.











