Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    2026-02-13

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු
    • ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
    • VIDEO: කාසියේ වාසිය කැනඩාවට
    • 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි
    • වාලච්චේනේ වන අලි ගැටුමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි
    • මෙට්රෝ බස් රථ සේවාව අගෝස්තුවේදී මෙරටට
    • ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවට ආසියානු සංවර්ධන බැංකුවෙන් සහතිකයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය ගැන ස්ටාලින්ගෙන් ප්‍රකාශයක්

    අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය ගැන ස්ටාලින්ගෙන් ප්‍රකාශයක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-01-02කියවීමට මිනිත්තු 3ක් ගතවේ.55 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාසල් පස්වරු 2 දක්වා පව්තවාගෙන යාම අධ්‍යාපන අමාත්‍යංශය වෙනස් කරගෙන ඇති බවත් එය හොඳ තත්ත්වයක් බවත් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

    ඒ මහතා මේ බව කියා සිටියේ හැටන් නගරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජෝසප් ස්ටාලින් මහතා මෙලෙස කියා සිටියා.

    “විශේෂයෙන්ම ඊයේ(01) දින වෙනකොට අධ්‍යාපන අමාත්‍යංශයේ පනත මේ වන විට පාසල් පස්වරු 2 දක්වා පැවැත්වීම ඔවුන් ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

    වෙනස් කරගෙන තියෙනවා විවිධ හේතු මත.

    ඉතින් ඇත්තටම හොඳ තත්ත්වයක් විදිහට මේක අපි දකින්නේ.

    මොකද අපි දිගින් දිගටම කිව්වා, මේ පාස්ල කාලය දීර්ඝ කිරීම කිසිදු විද්‍යාත්මක පදනමකින් කරපු දෙයක් නෙවෙයි කියලා.

    ඉතින් මේ සම්බන්ධයෙන් සවන්දීලා මේක ටිකක් මුලින් කරලා තිබ්බා නම් පාසල්වල කාලසටහන පවා හදාගන්න මේ තත්ත්වයෙන් ඉස්සරහට ගෙනියන්න තිබ්බා.

    නමුත් අවසානයේදී මේක තේරුම් අරගෙන මේක වෙනස් කිරීම හොඳ දෙයක්. නමුත් අපි කියන්නේ මේක තුළ ප්‍රශ්න ගණනාවක් තියෙනවා.
    විශේෂයෙන්ම 06 වසරේ මොඩියුලයත් සමග මේ මොඩියුල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා.

    මේ සියලු මොඩියුල්තුළ අන්තර්ගතය සම්බන්ධයෙන්.

    ඒ වගේම මේ පාසල්වල කරන්න යන ප්‍රතිසංස්කරණය සිදුවෙන්නේ කිසිදු නියාමන ව්‍යාපාතියක් නැතුව.

    දැන් මේ අවුරුද්දෙ 6 වසරේ ළමයි සහ 1 වසරේ ළමයි තමයි මේකෙ නියාමන ව්‍යාපෘතියට අදාළව මේකේ අත්හදාබැලීමට ලක්වෙන්නේ.

    එතකොට පාසල් පද්ධතියේ සමස්ත 1 වසර සහ 6 වසර ළමයි තමයි මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පරීක්ෂණයට භාජනය වන අය බවට පත්වෙන්නේ.

    ඉතින් ඇත්තටම මේක හොඳ තත්ත්වයක් නෙවෙයි, මොකද වෙනත් රටවල්වල සාමාන්‍යයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරන්න නියාමන ව්‍යාපෘතියක් කරලා ඒකෙන් තියෙන දෙපැත්ත බලලා තමයි තීරණ ගන්නේ.

    නමුත් දැන් මේක එක සැරේ කරනවා.

    ඒ වගේම ප්‍රතිසංස්කරණ අපි දන්නවා. මුල ඉඳන්ම අපි කිව්වා මේක මේ ආණ්ඩුව ගෙනාපු එකක් නෙවෙයි කියලා.

    පහුගිය ආණ්ඩු ගෙනාපු එකක් කියලා. හැබැයි පටන් ගත්තේ නම් අපි ගෙනාපු එකක් කියලා තමයි.

    නමුත් දැන් කියනවා වෙනත් කණ්ඩායමක් ගෙනාව එකක් කියලා. වෙන අය පිට පටවනවා.

    ඉතින් ඇත්තටම අපි කියන්නේ දැන් මේ රටේ දරුවෝ සම්බන්ධයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සියලු පාර්ශ්වික සාකච්ඡාවක් තිබිය යුතුයි.

    ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවයක් තියෙනවා.

    අපි ප්‍රතිසංස්කරණයකට පෙනී සිටිනවා. ඒ ප්‍රතිසංස්කරණයට පෙනී සිටින්නේ අධ්‍යාපනයේ අර්බුදයට විසඳුමක් හැටියට.

    දැන් මේ එන ප්‍රතිසංස්කරණයට දැනට තියෙන අධ්‍යාපන අර්බුදයට විසඳුමක් නෙවෙයි කියන කාරණාවත් අපි කියන්න ඕන.

    මොකද අර්බුදයට අදාළ ප්‍රශ්න විශේෂයෙන් අපි දන්නවා, විභාග තරගය විශේෂයෙන්ම ළමයි අතර තියෙන තරගය, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තියෙන තරගය, ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලබාගැනීම සඳහා තියෙන තරගය, 1 වසරට ළමයි ඇතුළත් කිරීමේදී තියෙන අර්බුදය, පාසලක පන්තියක ළමයා ගාන වැඩිවීම, මේ සියලු දේවල්වලට විසඳුමක් ලබාදෙන ප්‍රතිසංස්කරණයක් තමයි අවශ්‍ය වන්නේ.

    නමුත් දැන් වෙන්නේ කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් ලබාදෙන්නේ නැති ප්‍රතිසංස්කරණයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා පැහැදිළිවම අපි කියනවා මේක සාකච්ඡා කරලා තීන්දු කළ යුතු දෙයක්.

    මොකද අපි දිගින් දිගටම කිව්වා පාසල් කාලය 2 වෙනකම් තියන්න එපා මේක අවිද්‍යාත්මකයි කියලා.

    ඉතින් ප්‍රමාද වෙලා කරාට, ඉදිරි තත්ත්වයන් සම්බන්ධයෙන් ගුරු සහ විදුහල්පති සංගමයට කතා කරලා තීන්දු තීරණ අරගෙන ක්‍රියාත්මක කරන්න කියලා කිය්නනේ.

    ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ වෙනකොට තමන් ඉල්ලා අස්වෙලා තියෙනවා කියලා කියනවා.

    හැබැයි ඇය කියන්නේ අධ්‍යාපන අමාත්‍යවරියගේ ඉල්ලීමකට තමයි අස්වුණේ කියලා.

    ඉතින් තාවකාලිකව නෙවෙයි තව කණ්ඩායමක් ඉන්නවා… ඒ කණ්ඩායමට මේක කරන්න බෑ. මේකේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ඉන්නවා. ඒ ගොල්ලෝ තමයි මේ හැමදේම දන්නවා වගේ කරගෙන හිටියේ. සමස්තයම අර්බුදයකට පත් කරලා තියෙන්නෙත් ඒ අයම තමයි. ඒ ගොල්ලන්වම තමයි ආණ්ඩුව විශ්වාස කරන් ඉන්නේ.

    ඒක නිසා අපි කියනවා සමස්තයමඉ වත් කරලා මේක සුද්ද කරන්න ඕන.

    විහේෂයෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයටත් ජාතික අධ්‍යාපන කොමිසමටත් විධිමත්ව නිලධාරීන්පත් කරලා සුදුසුකම් ඇති අය පත් කරලා ඒ හරහා මේ අධ්‍යාපනය කරගෙන යාමේ කටයුත්ත සිදු විය යුතුයි කියලා අපිට කියන්න තියෙන්නේ. ”

    පෙර පුව​තප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
    ඊළඟ පුව​ත මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්

    සබැ​ඳි පුවත්

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි

    වාලච්චේනේ වන අලි ගැටුමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    2026-02-13

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    2026-02-13

    20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි

    2026-02-13
    ක්‍රීඩා පුවත්

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    2026-02-13

    20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි

    2026-02-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group