බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයම පලාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේනතු නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ අතර එම නිවේදනයේ දැක්වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයටද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.
කාලගුණ විද්‍යා දොපර්තමේන්තු නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක 60ක පමණ තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර ඉදිරි පැය 24ක කාලය සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ වාර්තාවද නිකුත් කර තිබෙනවා.
වැසි තත්ත්වය
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ.
සුළඟ
සුලං නිරිත දිශාවෙන් හමා එයි.
පුත්තලම සිට මන්නොරම සහ කන්කසන්තරය හරහා මුලතිව් දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 35ක් 45ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 60ක් 70ක් පමණ දක්වා ඉහළ යා හැක.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 400ක් පමණ වේ.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා සහ මුලතිව් සිට ත්‍රීකුණාමලය හරහා වාකරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 55ක් පමණ දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේහ විටින් විට ඉතා රළු වේ.
මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙනු ලැබේ.
පුත්තලම සිට කොළම සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා සහ මුලතිව් සිට ත්‍රීකුණාමලය හරහා වාකරේ දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
මන්නාරම සිට පුත්තලම, කොළම ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් දෙකත් දෙකයි දශම පහක් පමණ ඉහළා යාහේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ)