2023 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්රිකට් තරගාවලිය අද(10) ආරම්භ කිරීමට නියමිතයි.
මෙවර තරගාවලියට ඉන්දියාව, ශ්රී ලංකාව, බංගලාදේශය, පකිස්ථානය ඇතුළු ප්රබල රටවල් 10 ක් ක්රීඩා කරන අතර තරඟාවලියේ සත්කාරකත්වය දරනු ලබන්නේ දකුණු අප්රිකාවයි.
තරගාවලියේ මූලික වටයේදී ශ්රී ලංකා කණ්ඩායම බංගලාදේශය, ඔස්ටේ්රලියාව නවසීලන්තය සහ සත්කාරක දකුණු අප්රිකාවට එරෙහිව තරග කිරීමට නියමිතයි.
තරගාවලිය ආරම්භ කරමින් ශ්රී ලංකාව සහ සත්කාරක දකුණු අප්රිකා කණ්ඩායම් අද නිව්ලෑන්ඩ්ස් ක්රීඩාංගණයේදී තරග බිමට පිවිසෙයි.
චමරි අතපත්තු මෙහෙයවන ශ්රී ලංකා සංචිතයට ඕෂදී රණසිංහ, හර්ෂිතා සමරවික්රම, නිලක්ෂි ද සිල්වා, ඇතුළු ක්රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් ය. සත්කාරක දකුණු අප්රිකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සුනේ ලීස් ය.
තරගාවලියේ කාණ්ඩයෙන් පැවැත්වෙන මෙම තරගය මෙරට වෙලාවෙන් අද රාත්රී 10.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.