ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්ව ඇති පරාජිත තත්ත්වයෙන් ගොඩඒම සඳහා වහාම පක්ෂය භාරගෙන අවශ්‍ය ප්‍රතිසන්ධාන කටයුතු සිය මූලිකත්වයෙන් සිදු කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හිටපු මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකවරුන් පිරිසක් කළ ඉල්ලීම හිටපු ජනාධිපතිවරු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා ද සිරගතව සිටින හෙයින් පක්ෂයේ ඉදිරිගමන අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවත් දැනට සිටින නායකත්වයත් සමග එකතු වී පක්ෂය ශක්තිමත් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය ලබාදෙන ලෙසත් ඉල්ලීමක් කළ බවද එම සංවිධායකයන් පවසනවා.
මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ තමාට පක්ෂයේ කිසිදු තනතුරක් භාරගැනීමට නොහැකි බවයි.
එසේම පක්ෂයේ විධායක සභාව හා මධ්‍යම කාරක සභාව රැස්කර දැනට පක්ෂයට සුදුසු ක්‍රීයාකාරීන් පත් කිරීමට තීන්දු තීරණ ගන්නා ලෙසත් පවසා ඇති බවයි වාර්තා වන්නේ.
පක්ෂයේ තිබෙන හඬ, නඩුහබ තම ාසිය කැමැත්තෙන්ම ඉවත් කරගෙන තිබෙන බවත් අන් අයද කරන නඩුහබ ඉවත් කරගෙන සියලු දෙනා එක්වී පක්ෂය ගොඩනැගීමට කටයුතු කළහොත් පත්ව ඇති ඉරණමෙන් ගොඩඒමට හැකිවනු ඇති බවත් හිටපු ජනාධිපතිවරයා එම සංවිධායකවරුන්ට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
Source :- දිවයින පුවත්පත