ලෝක ජනාවාස දිනය වෙනුවෙන් අඩු ආදායම් ලාභී පවුල් දහසකට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා.
තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාවෙන් දීපව්‍යාප්තව එම ව්‍යාපෘතිය සිදුකෙරෙනවා.
ලෝක ජනාවාස දිනයට සමගාමීව මහරගම ප්‍රදේශයේ ඉදිකෙරුණු නිවාස අඩු ආදායම් ලාභීන් වෙත ලබාදීම නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන් මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.
මාතර දිස්ත්‍රික්කයේ නිවාස නොමැති පවුල් 67 ක් සඳහා නව නිවාස පිරිනැමීම සිදුකෙරුණා.
මාතර ප්‍රතිලාභී පවුල් 6 ක් අකුරැස්ස පවුල් 12 ක් දෙවිනුවර පවුල් 9ක් දෙනියාය පවුල් 12 ක් කඹුරුපිටිය පවුල් 12 ක් වැලිගම පවුල් 7ක් සඳහායි නව නිවාස පිරිනැමුණේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස ලබාදීඹ සිදුකෙරුණා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 22 ක් ජනතා අයිතියට පත්කිරීමේ ප්‍රදානෝත්සවය හඟුරන්කෙතදී පැවැත්වුණා.