
මෙම වසරේ අගොස්තු 13 වන දින වන විට සංචාරකයින් දාහතර ලක්ෂ 36,926ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. සංචාරකයින් ගෙන් වැඩිම සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 358,608ක්.
මේ අතර අගෝස්තු මාසයේ මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 ක් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් පවසන්නේ.













