අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉන්දියානු සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබෙනවා.
ඊයේ රාත්‍රී 10.10 ට පමණ ඇය දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පසුගිය 16 වනදා ඉන්දියාව බලා පිටත්ව ගියේ නිල සංචාරයක් සඳහායි.
සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ මෙන්ම එරට ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡා සිදුකළා.
එමෙන්ම ඉන්දියාවේ NDTV ආයතනය මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක දේශනය ද අග්‍රාමාත්‍යවරිය විසින් සිදුකරනු ලැබුවා.
මේ අතර ඉන්දීය නිල සංචාරයක අවසන් කිරීමට පෙර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එරට දෘශ්‍යාබාධිත කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවී තිබෙනවා.
ඒ නවදිල්ලි නුවරදීයි.
එම දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ලබන නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමටද නියමිතයි.