හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතාට වසර 2 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10 ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද නියෝග කළා.
2010 වසරේ ආපදා කළමනාකරණ අමාත්‍ය ධුරයේ යෙදී සිටියදී අමාත්‍යංශ දේපල අයථා ලෙස පරිහරණය කිරීම ඇතු`ඵ තවත් චෝදනා කිහිපයක් හේතුවෙනුයි ඒ මහතාට මෙම සිරදඬුවම නියම වී ඇත්තේ.
ඒ. එච්. එම් ෆවුසි මහතා වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුව එම චෝදනාවට වරදකරු කරමින් අධිකරණය එම නියෝගය ලබාදුන්නා.
එමෙන්ම විත්තිකරුට ලක්ෂ 4ක දඩයක් ගෙවීමට ද විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.