ජනවාරි 23 වනදා සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ කෙසේ වෙතත් අද(22) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි.
හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක්ද පවතින බව නිවේදනයේ සඳහන්.
බස්නාහිර සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අම්පාර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ අතර ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
වැසි තත්ත්වය
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.
සුළඟ
සුළං ඊසාන සිට උතුර දක්වා වන දිශාවලින් හමා එයි.
සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.
මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා කළුතර දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය
මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා කළුතර දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු වේ.













