පසුගිය වසර 10 ඇතුළත හෘද රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසනවා.
කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.
විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසන්නේ වර්තමානයේ ජනතාවගේ ආහාර රටාවෙහි ඇති ගැටළු, හෘද රෝගීන් ඉහළ යාමට ප්‍රධානම හේතුව වී ඇති බවයි.