හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අද(04) පෙරවරුවේයි.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේදී රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ තොගයක් හිතවත් පිරිසකට බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශය ලබාදීමට ඔහු අද(04) අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණා.
එලෙස අදාළ ප්‍රකාශය ලබාදීමෙන් පසුව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය අප්‍රේල් මාසයේදී එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ සහෝදරයා වන උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ බිරිඳ වන ශාන්තිනි චන්ද්‍රසේන දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වීමෙන් අනතුරුව වසර 16 ක බරපතල වැඩ සහිතව සිරදඬුවම් නියම කරනු ලැබුවා.