හලාවත මුහුදු තීරය නැවත වතාවක් දැඩි ලෙස ඛාදනයට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
ඒ අනුව හලාවත මුහුදු තීරයේ ඇති අඹකදවිල ගම්මානයේ ස්ථාන කීපයක්ම ඛාදනයට ලක්ව තිබෙනවා.
අඹකඳවිල මුහුදු තීරයේ ඇති ආගමික ස්ථානයක්, ඉස්සන් අභිජනනාගාර සහ ධීවර තොටුපලක් ආශ්‍රිත වෙරළ තීරයේ මීටර් කීපයක්ම ඛාදනයට ලක්ව ඇති බවටයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම ඉස්සන් අභිජනනාගාර පිහිටා ඇත්තේ අඹකඳවිල මුහුදු තීරයේයි.
මේ හේතුවෙන් ඉස්සන් අභිජනනාගාරවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.