හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ බෝවත්ත හන්දියේ සිට තල්ගහපිටිය හන්දිය දක්වා මාර්ගයේ හෙට(20) රාත්‍රී 7.30 සිට රථ වාහන ගමනාගමනය සීමා කිරීමකට ලක් කෙරෙන බව පොලිසිය පවසනවා.
ඒ දේවගිරි රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර හේතුවෙන් බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය කියා සිටියේ හෙට(20) රාත්‍රී 7.30 සිට රාත්‍රී 11 දක්වා හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ බෝවත්ත හන්දිය සිට තල්ගහපිටිය හන්දිය දක්වා වීථි සංචාරය කරන බවත් එම කාල යතුළ එම මාර්ගය භාවිත කරනු ලබන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලිසිය ඉල්ලා සිටිනවා.
පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.