හයිටි රාජ්‍යය මේ වන විට අරාජික තත්ත්වයකට ඇද වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අඛණ්ඩව සිදුවන ආයුධ සන්නද්ධ කල්ලිවල ගැටුම් සහ වෙඩි තැබීම් හේතුවෙන් බවයි සඳහන් වන්නේ.
යුද ගැටුම් හේතුවෙන් එරට දැඩි ආහාර සහ ඉන්ධන හිඟයක් ද මතු වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර එරට පෝර්ටු ප්‍රින්ස් අගනුවර ප්‍රභූවරුන් පදිංචිව සිටින ප්‍රදේශ රැසක් අත්පත් කරගැනීමට ආයුධ සන්නද්ධ කණ්ඩායම් උත්සාහ කරමින් සිටින බව ද වාර්තා වේ.