බෝ නොවන රෝගවල වර්ධනයත් සමග මෙරට සෞඛ්‍ය සේවාව සංකීර්ණ මහජන සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 92 වැනි වාර්ෂික සැසිවාරයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. නවෝත්පාදනය සහ ඩිජිටල් පරිවර්නතය වැළඳ ගැනීම යන තේමාව යටතේ මෙවර සැසිය පැවැත්වුණා. සාමාජිකයින් 1900 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය දන්ත වෛද්‍ය වෘත්තියේ මව් ආයතනය ලෙසයි සැලකෙන්නේ. මෙරට දන්ත සත්කාර සේවා විධිමත් කිරීම දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළව අධ්‍යාපනය සහ පර්යේෂණවල ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම සංගමයේ කාර්යභාරය වන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන්නේ.
උණුසුම් පුවත්
- මාගම්පුර අලි මගඩියක් එළියට….
- සජබය ලොකු පිම්මකට ලෑස්තිවෙයි
- මුළු කොළඹටම වතුර නැති වෙයි ?
- රට ඉන්න අයට ගොඩක් සතුටු හිතෙන ආරංචියක් – VIDEO –
- වෙනිසියුලාවේ බෝට්ටුවකට අමෙරිකාවෙන් යලි ප්‍රහාර
- අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
- නේපාලයට පිට පිටම බාධා – සංචාරක කර්මාන්තයත් බිද වැටෙයි
- පළාත් පාලන සතියේ දෙවන දිනය අදයි