සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටළු මගහරවා ගැනීමට නම් එය පද්ධතියක් ලෙස කළමණාකරණය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් බණ්ඩාර මහතා කියා සිටියේ අදාළ ගැටළු මගහරවා ගැනීමට වෙනත් ක්‍රමවේදයක් නොමැති බවයි.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
මේ අතර සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටළු පිළිබද ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා ද ඊයේ අදහස් පලකළා.
ඔහු කියා සිටියේ අමාත්‍යවරුන්ට විස්වාභංග ගෙන ඒම තුළින් පමණක් පවතින ගැටළුවලට විසදුම් නොලැබෙන බවයි.