හිරු උදාව හා හිරු බැසීම සීගිරිය පර්වත මුදුනේ සිට සංචාරකයින්ට නැරඹීමට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල පවසන්නේ එය හෙට සිට ක්‍රියාත්මක බවයි.
ඒ අනුව අ`ඵයම 5.30 සිට රාත්‍රි 8.30 දක්වා සීගිරිය සංචාරකයින් වෙනුවෙන් විවෘතව තැබෙන බව බුද්ධ ශාසන ,ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ මහත්මිය ප්‍රකාශ කළා .
නිශාන්ති ජයසිංහ මහත්මිය සඳහන් කළේ, සීගිරිය නැගීමට අපහසු සංචාරකයින් සඳහා විදුලි මෝටර් රථ සේවාවක් ද ආරම්භ කරන බවයි.