පාසල් සිසුවිය සිය දිවි හානි කර ගැනීම මෙන්ම ඇයට සිදුවූ බව කියන ලිංගික අතවර සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය නිවේදනය කරනවා.
කොටහේන ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි මෙම පාසල් ශිෂ්‍යාව මහල් නිවාස සංකීර්ණයකින් බිමට පැන දිවි හානි කර ගැනීම සිදුවුයේ පසුගිය අප්‍රේල් 29 වනදායි.
සිද්ධිය පිළිබඳ කොටහේන පොලිසිය විමර්ශන ආරම්භ කළා.
එම විමර්ශන ක්‍රියාත්මක වන අතරේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට අනුබද්ධිත ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ද පියවර රැසක් ගෙන ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.
දියණියට ලිංගික අතවර සිදුවූ බව කියන සිද්ධිය පිළිබඳ ඇගේ මව පසුගිය වසරේ දෙසැම්බර් 08 වනදා බම්බලපිටිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව බම්බලපිටිය පොලිසිය අපරාධයට අදාළ සැකකාර ගණිත ගුරුවරයා අත්අඩංගුවට ගෙන පසුගිය මාර්තු 25 වනදා ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
මේ වන විට ඔහු විදේශ ගමන් තහනමකට ද යටත්ව ශරිර ඇප මත මුදාහැර තිබෙනවා.