හබරාදූව ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියකට පැමිණි 15 හැවිරිදි සිසුවියක සිප ගත් බව කියන එම පෞද්ගලික පන්තියේ 45 හැවිරිි ගුරුවරයෙක් අත්අඩංගුවට ගැනුණු බව පොලිසිය පවසනවා.
සැකකාර ගුරුවරයා විසින් පවත්වාගෙන යනු ලබන උපකාරක පන්තියට මෙම සිසුවිය පසුගිය 4 වැනිදා උදේ හතට පමණ ගොස් ඇති අතර ඒ වන විටත් වෙනත් කිසිම සිසුවෙක් පන්තියට පැමිණ නොමැති බවත් පොලිසිය කළ පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.
එම අවස්ථාවේදී සැකකාර ටියුෂන් ගුරුවරයා සිසුවිය අසලට පැමිණ සිසුවියගේ අතක් තුවාල වී බෙහෙත් දමා ගෙන සිටින බව දැක අතට කුමක් වී දැයි විමසා අනිත් අත සැකකරු විසින් සිපගත් අවස්ථාවේදී සිසුවිය අත ගසා දමා වෙනත් තැනකට ගොස් වාඩි වී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
එවිට එම ස්ථානයටද පැමිණි සැකකරු ඇය බදාගෙන මුහුණ සිපගෙන ඇති බවත් අනතුරුව සිසුවිය වෙනත් තැනකට ගොස් ඇගේ බාප්පාට දුරකතන ඇමතුමක්දී ගෙන්වා ගෙන නිවසට ගොස් මේ බව කියා ඇතැයි පොලිසිය පවසනවා.
එවිට දෙමාපියන් සැකකාර ගුරුවරයාගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳට මේ සම්බන්ධයෙන් පවසා පොලිසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිසුවියගේ දෙමාපියන් සහ සැකකරු හා ඔහුගේ පවුලේ අය ඉතා සමීපව ඇසුරු කරන පවුල් දෙක්ක බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
හබරාදූව පොලිසියේ කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Source: ලංකාදීප පුවත්පත