සිසුන් තුළ ගෞරවය සහ සැබෑ සංහිදියාව ඇතිකිරීම විවිධ සංස්කෘතීන් තුළ ඇති සෞන්දර්ය විෂය තුළින් සාර්ථකව සිදුකළ හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
ඉස්ලාමීය ආගමික උපදේශක මණ්ඩලය සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පෙන්වා දුන්නා.
පාසල් වල ආගමික අධ්‍යාපනය ක්‍රියාකාරකම් මත පදනම්ව සිදුකළ යුතු බව අග්‍රාමාත්‍යවරිය එහිදී කියා සිටියා.
පාසල් පාදක ක්‍රියාකාරකම් සදහා වැඩි නැඹූරුවක් ඇතිකිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණක් වන බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ..
සිංහල මාධ්‍යයෙන් ඉස්ලාම් විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් බදවා ගැනීමට කළ යෝජනාවට පිළිතුරු ලෙස අදාළ සංඛ්‍යා ලේඛණ විමසා දත්ත මත පදනම්ව බදවා ගැනීම් කළ හැකි බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කළේ.
උණුසුම් පුවත්
- ජින්තුපිටියේ වෙඩි තැබීම සැකපිට 5 දෙනෙක් අත්අඩංගුවට
- සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි
- ගාලු පාරේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්













