Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    2026-03-09

    පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට

    2026-03-09

    කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට

    2026-03-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
    • කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
    • සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි
    • එන්සාල් සහ විදේශීය මත්පැන් සමග විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • දරුවෙක් අනාරක්ෂිත වගා ළිඳකට බිලි
    • රිවෝල්වර් අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිරිපා වන්දනා සමයේදී වනජීවියට දෙකෝටි හැත්තෑ පන්ලක්ෂයක ආදායමක්

    සිරිපා වන්දනා සමයේදී වනජීවියට දෙකෝටි හැත්තෑ පන්ලක්ෂයක ආදායමක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-11-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.68 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එළැඹෙන ශ්‍රීපාද වන්දනා සමයේ නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ වනජීවි කලාපය තුළ පිහිටි වෙළෙඳ සැල් හයක් සහ වැසිකිලි පහක් මාස හයක කාලයක් පවත්වාගෙන යාමට ටෙන්ඩර් පත් කැඳවීමෙන් වනජීවි දෙපාර්තමේන්තුවට රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂයක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන අඩවි ආරක්ෂක ආර්.එම්.ටී.බී. රත්නායක මහතා පවසනවා.

    සෑම වසරකම ශ්‍රීපාද වන්දනා සමයේදී තම කලාපය තුළ පිහිටි වෙළෙඳ සැල් සහ වැසිකිලි පද්ධතිය පවත්වාගෙන යාමට ටෙන්ඩර්පත් කැඳවන බවත් ඉකුත් වසර කිහිපයකට සමගාමීව මෙවර ටෙන්ඩර් පත් මිලදී ගැනීමට විශාල පිරිසක් එක්වීම නිසා දැඩි තරගයක් පැවැති බවයි වන අඩවි ආරක්ෂක නිලධාරියා කියා සිටියේ.

    ඉදිකරන සෑම වෙළෙඳ සැලකටම අවශ්‍ය අමුද්‍රව්‍ය පිටතින් රැගෙන ආ යුතු බවත් රක්ෂිතයෙන් කිසිදු ගසක් හෝ අතු කැපීම සපුරා තහනම් බවත් වෙළෙඳ සැල්වල වතුර ලීටරයට ඉහළි වූ වතුර බෝතල් පමණක් අලෙවි කරන ලෙසටත් ලීටර් බාගයේ වතුර බෝතල් සහ පැණි බීම බෝතල් අලෙවි නොකරන ලෙසටත් දැඩි කොන්දේසි පැනවූ බවයි රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    තවද එම වෙළෙඳසැල්වල ඉවතලන ප්ලාස්ටික් පොලිතින් සහ නොදිරණ ඝණ අපද්‍රව්‍ය පරිසරයට මුදා නොහරින ලෙසටත් විශේෂයෙන් සීතගගුලේ සිට ඉදිකටු පහණ දක්වා ජල නළ යොදා වන්දනාකරුවන්ට නොමිලේ ලබාදී ඇති පානීය ජල යෝජනා ක්‍රමයට කිසිදු හානියක් සිදු නෙකරන ලෙසටත් එසේ සිදු කරන ඇති බවට තහවුරු වුවහොත් තාවකාලිකව ටෙන්ඩර්පත් ලබාගත් වෙළෙඳ සැල්වල බලපත්‍ර අවලංගු කරන බවටත් වෙළෙඳ සැල් මිලදී ගත් ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබාදුන් බවයි ආර්.එම්.ටී.බී. රත්නායක මහතා කියා සිටියේ.

    ශ්‍රීපාද වන්දනා සමය අවසන්වන තෙක් ලබාදුන් ඇප කොන්දේසි නිසියාකාරව පිළිපදින්නේද යන්න සම්බන්ධයෙන් තම කාර්යාලයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධීක්‍ෂණය කරන බවද නල්ලතන්නි වනජීවි කාර්යාලයේ වන අඩවි ආරක්ෂක ආර්.එම්.ටී.බී. රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියා.

    පෙර පුව​තකොරියා, ඉතාලි, නවසීලන්ත රැකියා පෙන්වමින් මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත වසර 100කටත් වඩා පැරණි බගවන්තලාව තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණයට පියවර

    සබැ​ඳි පුවත්

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට

    කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට

    සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

    එන්සාල් සහ විදේශීය මත්පැන් සමග විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    2026-03-09

    පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට

    2026-03-09

    කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට

    2026-03-09

    සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

    2026-03-09
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group