චීන නාවික හමුදාවට එරෙහි ඔවුන්ගේ නාවික බලඇණිය ශක්තිමත් කිරීම සහ යුද්ධයක දී වැදගත් මුහුදු මංතීරු ආරක්ෂා කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක ප්‍රධාන පියවරක් ලෙස, තායිවානය සිය ප්‍රථම දේශීය වශයෙන් සංවර්ධනය කරන ලද සබ්මැරීනයේ පළමු මුහුදු ගමන අත්හදා බැලීම ඊයේ (17) සිදු කර තිබෙනවා.
චීනය විසින් තායිවානය සිය භූමි ප්‍රදේශයක් ලෙස සලකන අතර තායිවානය පවසන්නේ ඔවුන් ස්වාධීන රාජ්‍යයක් බවයි.
එහෙත් චීනය සිය ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා දිනපතාම පාහේ තායිවානය ආසන්නයේ යුද අභ්‍යාසවල නිරත වන අතර, තායිවානය පවසන්නේ ස්වදේශික සබ්මැරීන වැඩසටහන සිය සන්නද්ධ හමුදා නවීකරණය කිරීමේ අභිලාෂකාමී ව්‍යාපෘතියක ප්‍රධාන අංගයක් බවට පත් කර ඇති බවයි.
එමෙන්ම ඒ සඳහා තායිවානය එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයක විශේෂඥ සහ තාක්‍ෂණික සහය ලබාගෙන තිබෙනවා.
Narwhal නම් වූ පළමු සබ්මැරීනය ප්‍රචාලනය, වාතාශ්‍රය සහ රේඩාර් ඇතුළු පද්ධති සනාථ කරමින් මුහුදේදී එහි පළමු පරීක්ෂණය අවසන් කළ බව
තායිවානය පවසනවා.