සාගතයක් ඇතිවීම වැලැක්වීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබාදීමට ඉඩදිය යුතු බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානම අධිකරණය ඊශ්‍රායලයට නියෝග කර ඇත.
හේග් හි පිහිටි ජාත්‍යන්තර අධිකරණය මගින් ඒකමතික තීරණයක් ලෙස එම නියෝගය නිකුත් කර තිබෙන අතර තමන් ගාසා තීරයට ආධාර යෑම වළක්වන බවට කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායලය පැවසීය.