ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය අද සිට 27 වනදා දක්වා පැවැත්වෙනවා.
එහි සමාරම්භක වැඩසටහන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අද පානදුර වෙරළ තීරයේදී ආරම්භ කිරීමට නියමිතයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාද මෙම අවස්ථාවට සහභාගී වනු ඇති.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙම සතිය පුරා ශ්‍රී ලංකාවේ වෙරළබඩ දිස්ත්‍රික්ක 14ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන සංවිධානය කරනු ලබනවා.
උණුසුම් පුවත්
- එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ විජිත හේරත් අතර හමුවක්
- ආයුර්වේදයට නව කොමසාරිස්වරියක්
- ගත වූ පැය 24 තුළ පොලිස් විශේෂ මෙහෙයුම්වලින් 736 ක් අත්අඩංගුවට
- නැගී එන තරු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
- අමෙරිකාවේ ගුවන් යානා අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට
- රංජිත් වීරසිංහට රුසියානු රාජ්‍ය සම්මානයක්
- සේවකයින් බදවා ගන්නේ පුරප්පාඩු වලට පමණයි
- ෆොන්සේකා ආණ්ඩුව අගයයි











