බොරලැස්ගමුව ඇඹිල්ලවත්ත මංසන්ධියට ආසන්නයේ පිහිටා ඇති අනවසර සම්බාහන මධ්‍යස්ථානයකට සේවා ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.
බොරලැස්ගමුව පොලිසිය සඳහන් කලේ අදාළ පුද්ගලයා සම්බාහන මධ්‍යස්ථානය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඇරවල, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයකු බව සඳහන්.
මෙම පුද්ගලයාට ඇති වු හෘදයාබාධ තත්වයක් මත ඔහු මියයන්නට ඇතැයි සැක කරන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි බොරලැස්ගමුව පොලීසිය සඳහන් කලේ.