සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු බරපතළ නවකවධ සිද්ධියකට මුහුණ පා සියදිවි නසාගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බැලීමට දින නියම කර තිබෙනවා.
ඒ අනුව ලබන මස මස 18 වනදා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම කැදවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේ.
මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසිනුයි.
මෙම සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස ද වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා තිබෙනවා.