අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබුනා.
සැකකරු ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙනත් පුද්ගලයෙකු නමින් පුද්ගලික බැංකු තුනක ගිණුම් 03 ක් විවෘතකර, එම ගිණුම්වලට සංවිධානාත්මක අපරාධකරුවන් ගෙන්, පොලීසියට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් හා වෙනත් අපරාධකරුවන්ගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි සදහන් වන්නේ.
උණුසුම් පුවත්
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
- මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
- නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් සංචාරකයන්ට අමතක නොවන තිළිණයක්
- යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි













