මෙම සතියේ පාර්ලිමේන්තුව අද (23) සිට ලබන 26 වැනිදා දක්වා දින 4ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට රැස්වීමට නියමිත අතර, පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි වෙන් කර ඇත්තේ.
අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05 දක්වා ඔට්ටු ඇල්ලී සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ වන නියෝගයක් ඇතුළු නියෝග කිහිපයක් ගැන විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම පස්වරු 5 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබව අවස්ථාවේ යෝජනාවක්ද විවාදයට ගැනීමට නියමිතයි.
උණුසුම් පුවත්
- කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
- උඩදුම්බරට භූ කම්පනයක්
- බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙක් අත්අඩංගුවට
- මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිට ඇප
- ගංවතුර පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කෙරේ
- කාළගුණයෙන් රතු එලි
- කාලගුණයෙන් රතු නිවේදනයක්
- කොහුවල තරුණයක් ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට සැකපිට තවත් අයෙක් අත්අඩංගුවට













